General24 March 2020

චීනයෙන් එන අලුත් අනතුර - (වීඩියෝ)

කොවිඩ් 19  හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ ව්‍යාප්තවීමේ දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හට ගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ කොරෝනා ගෝලීය වසංගතය පැතිරීම වේගවත් වී ඇති බවටයි.

එමෙන්ම ගතවූ පැය 24 තුළ චීනයෙන්  කොරෝනා ආසාදිතයන් 78 දෙනෙකු වාර්තාවීමත් සමඟ එරට දෙවන කොවිඩ් 19 රැල්ලක් ඇතිවීමේ අවදානමක් හට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, නව ආසාදිතයන් 74 දෙනෙකුම විදෙස් රටවල සිට වෛරසය ආසාදනය වී පැමිණි අයයි.

මේ අතර, දින 6කට පසු වෛරසයේ තිඹිරිගෙය වූ වූහාන් නගරයෙන් ද අලුතින් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීම විශේෂත්වයක්.

මේ අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට වාතය මත පැය කිහිපයක් හෝ දිනක් නොනැසී පවතිය හැකි බවට නවතම පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

එම අධ්‍යයනවලට අනුව කොරෝනා වෛරසයට තඹ පෘෂ්ඨ මත පැය 4ක්, ප්ලාස්ටික් සහ වානේ මත දින 3ක්  හා කාඩ්බෝඩ් මත පැය 24ක පමණ කාලයක් නොනැසී පැවතිය හැකි බවයි.

මෙම තත්ත්වය හමුවේ කොරෝනා ගෝලීය වසංගතය පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

Related recommendation
Hiru TV News | Programmes