මුළු ලෝකයම COVID 19 හෙවත් කොරෝනා වෛරසය සමඟින් පොර බඳිමින් සිටින අතර, ලෝක නායකයින්, පර්යේෂකයින් මෙන්ම වෛද්‍යවරුන් ද ඒ සඳහා පිළියම් සොයමින් සිටිනවා.
මේ ගෙවෙමින් පවතින කාලය තුළ වඩාත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ, ව්‍යාජ පුවත් සහ තවමත් නිශ්චිතව ඔප්පු කර නොමැති කරුණු කාරණා සමාජ ජාලා ඇතුළු අන්තර්ජාල ඔස්සේ හුවමාරු වීමයි.
මෙවන් පුවතක් විදෙස් මාධ්‍යක්වන CNN විසින් වාර්තා කළා යැයි සඳහන් කරමින්, සමාජ මාධ්‍යන්හි මේ වන විට හුවමාරු වනවා.
එම පුවත නම් "තේ පානය කිරීම කොරෝනා රෝගය සුව කිරීමට හේතුවක් වන" බවයි.
මාරාන්තික කොරෝනා වෛරසය මුලින්ම හඳුනාගත් සහ එම වෛරසයෙන් මියගිය චීන වෛද්‍යවරයා ලේඛනගත කළා යැයි සඳහන් කරමින් CNN පුවත් සේවය මෙම "විශේෂ පුවත" වාර්තා කර තිබූ බවයි සමාජ මාධ්‍යන්හි විවිධ රටවල පුද්ගලයන් සඳහන් කර තිබුනේ.
එහි දැක්වෙන්නේ, "අදාළ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියන්ග්(Li Wenliang), සිය ලිපිගොනු මඟින් කොරෝනා සඳහා ප්‍රතිකාරයක් යෝජනා කර ඇතැයි" යන්නයි. ඒ නම් "ඉන්දියාවේ තේ" මේ සඳහා වන ප්‍රතිකාරය බවටයි එහි දැක්වෙන්නේ.
නමුත් එවැනි පුවතක් CNN මගින් ප්‍රචාරය කර ඇති බව සොයාගැනීමට නැහැ.
මෙම පුවත ෆේස් බුක්, වට්ස්ඇප් සහ ට්විටර් ඔස්සේ හුවමාරු වන අතර ශ්‍රී ලංකාවේද සමාජ මාධ්‍ය මෙන්ම පුවත් අඩවි කිහිපයකම මේ පිලිබඳ දක්වා තිබුණා.
කෙසේ වෙතත්, ඉන්දියා ටුඩේ ප්‍රකාශ කරන්නේ, මෙම පුවත නොමඟ යවන සුළු ව්‍යාජ පුවතක් බවත් CNN මාධ්‍ය තුළ මෙවැන්නක් සොයා ගත නොහැකි බවයි.
CNN විසින් එම වෛද්‍යවරයා සම්බන්ධව වාර්තා කරන නමුත් එහිදී කොරෝනා සඳහා වන ඖෂධයක් ගැන හෝ වෙනත් යමක් ගැන සඳහනක් කර නොමැති බව සඳහන්.
මෙවන් කිසිදු සාක්ෂියක් නොමැති "ව්‍යාජමය පුවත්" සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැටලු සහගත බවයි ඉන්දියා ටුඩේ (IndiaToday) පෙන්වා දෙන්නේ.

Latest News
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
Local
21 August 2026
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
21 August 2026
"රට තුළ රැකියා පුරප්පාඩු ලක්ෂ 4ක් තිබුණත් නිපුණතා පරතරය නිසා පුරවන්න බෑ" - ඇමති හඳුන්නෙත්ති
Local
21 August 2026
එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ ප්රබලතම තත්ත්වය විය හැකියි - බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
Local
21 August 2026
"මේ වසර අවසන් වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 9ක ඉලක්කය සපුරා ගැනීමට පුළුවන්" - මුදල් නි. ඇමති
Local
21 August 2026
LANKAPAK 2026 ඔක්තෝබරයේදී කොළඹදී
Local
21 August 2026
ක්‍රිප්ටෝ, AI සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම්වලින් මේ වසරේ අමෙරිකානු මැතිවරණ සඳහා වාර්තාගත වියදම්
Local
21 August 2026
එල් නිනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 81,000කට වැඩි පිරිසක් පීඩාවට
Local
21 August 2026
ඇලස්කාවේ ගුවන් යානයක් අනතුරට: යානයේ සිටි 8 දෙනාම මරුට
Local
21 August 2026
පෙරහරට හීලෑ අලි- ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී
Local
21 August 2026