General25 March 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට දෙවන රෝගීයා IDH රෝහලෙන් පිටවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට දෙවන රෝගීයා සම්පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා මීට ඉහතදී සම්පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගියා

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුට පරීක්ෂණ කිහිපයක් සිදුකළ අතර, මේ වන විට පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් පිටව යාමට නිර්දේශ ලබාදුන් බවයි.

විශේෂ ගිලන් රථයකින් නිවස වෙත පිටත් කර හැරීමෙන් පසු ඔහුට තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ද උපදෙස් ලබාදී තිබුණා.


Related recommendation
Hiru TV News | Programmes