මොරටුව - එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයේ සිටි පුද්ගලයන් කිසියම් නීතිවිරෝධී කටයුත්තක් සඳහා යමින් සිට ඇති බවට පොලීසිය සැක පළ කළා.
ඊයේ (02) රාත්‍රී 10.20ට පමණ එම මෝටර් රථය මොරටුව සිට පානදුර දෙසට ධාවනය වෙමින් තිබූ අතර ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් එගොඩඋයන - පරණ පාර මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා එය ධාවන කර තිබෙනවා.
එහිදී එම පොලිස් නිළධාරීන් ඒ සම්බන්ධයෙන් මොරටුව - එගොඩඋයන - මෝදර අලුත්පාලම අසළ දිස්ත්‍රික් මායිම් මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට දැනුම් දී ඇති අතර, පසුව ඔවුන් ද අදාළ රථය නවත්වන ලෙසට සංඥා කළ ද එම පොලිස් අණ නොතකා මෝටර් රථය ඉදිරියට ධාවනය වුණා.
එහිදී මෝටර් රථයට මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
අනතුරුව අලුත්පාලමට අනෙක්පස පිහිටා ඇති පානදුර - දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධක නිලධාරීන් ද එය නතර කිරීමට සංඥා කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
එහෙත් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
පසුව පානදුර රෝහල අසළ නවතා තිබූ මෝටර් රථය සොයාගෙන ඇති අතර, එහි ගමන් ගත් සිව් දෙනෙකුගෙන් තුන් දෙනෙකු වෙඩි වැදිම හේතුවෙන් තුවාල ලබා සිටීම නිසා පානදුර රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදී එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ඔහු වයස අවුරුදු 19ක් වන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
අනෙක් තිදෙනා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් 20 සහ 25 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු සහ තුවාල ලැබූ තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමසීමේදී උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යමින් සිටි බවට සැක කරන බවයි.

Latest News
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026
22ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පෙත්සමක් - ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
Local
24 August 2026
2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 3,168ක් වියදම් කරලා - අගමැති හෙළිකරයි
Local
24 August 2026