කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට පැය 10 ක කාලයක් සඳහා තාවකාලිකව ලිහිල් කෙරෙනවා.
හෙට උදෑසන හයට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන අතර, එදිනම පස්වරු 4ට යළි පැනවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව බලාත්මකයි.
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම් වන අතර, අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ඇදිරි නිති බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදය වෙනස් කිරිමට රජය කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා.
ඒ අනුව පොලිස් මුලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාල සහ පොලිස් ස්ථාන මගින් මෙලෙස ඇදිරි නීති බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50 ඉක්මවු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ පොලිස් මුලස්ථානය මගින් වන අතර, අනෙක් සියළු දිස්ත්‍රික්ක වල සේවකයන් 50 ඉක්මවු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන්.
එමෙන්ම පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශ වලට අයත් සේවක සංඛ්‍යාව 10 ට වැඩි 50 අඩු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් වන අතර, සේවකයන් 10 අඩු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එම ප්‍රදේශ වල පොලිස් ස්ථාන මගින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
අතිශය මානුෂිය හේතුන් මත ඇතැම් පුද්ගලයින්ට ඇදිරි නිතී බලපත්‍ර නිකුත් කිරිමට පොලිස් ස්ථාන වලට අවසර ලබා දි තිබෙනවා.
කෙසේ වෙතත් ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීමේදී ඒවා ඉල්ලූම් කිරීමට හේතුව සහ වාහන ගමන් කරන මාර්ග නිශ්චිතව සඳහන් කළ යුතුවනවා.
එසේම දිවයින පුරාම ගමන් කළ හැකිවන පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
රජයේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා යුතු ආයතනවල සේවකයින් සඳහා රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කිරීමට අවසර ලබාදෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර, ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කළ 1815 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 595ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ මාර්තු මස 20 වන දා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 17,717 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 4586 ක්.
එමෙන්ම ආබාධිත පුද්ගලයෙකුට ආබාධිත දීමනාව ලබාදීම සඳහා නිවසකට ගිය හම්බන්තොට - කටුවන - රුක්මල්පිටිය උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයාට පහරදුන් පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි මෙම පුද්ගලයින් තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදී පලාගොස් තිබුණේ පෙරේදා දිනයේයි.
ඒ සම්බන්ධයෙන් ඔහු කටුවන පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව සිදුකළ විමර්ශනයේදීයි මෙම සැකකරුවන් ඊයේ රාත්‍රියේ කටුවන - දංගලකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් අවුරුදු 26, 27 සහ 28 යන වයස්වල පසුවන්නන්.

Latest News
කේරල ගංජා මහා ජාවාරමෙක් කොටු
Local
25 October 2025
රන් පැහැ සමාධි බුදු පිළිම 07ක් සමග දෙදෙනෙක් අල්ලයි
Local
25 October 2025
මහියංගන රජ මහා විහාරයේ තඹ බුදු පිළිමය ඉස්සූ නරුමයන් සොයා විමර්ශන
Local
25 October 2025
නිදන් හාරන්න ගිය පස්දෙනාම මාට්ටු
Local
25 October 2025
ශ්‍රී පාදය වඳින්නට අවාරයේ පා ගමනින් යන රණවිරුවා
Local
25 October 2025
හොරණ නගර සභාවේ ලිපිකරුවෙක් කොතලාවල වැවේ ගිලී මිය යයි
Local
25 October 2025
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
Local
24 October 2025
දකුණු ආසියානු මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් සහ රිදී පදක්කම් (Update)
Local
24 October 2025
"අද රටේ තියෙන්නේ මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක්" - සජිත්
Local
24 October 2025
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
24 October 2025