සහල් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික අධිකාරිය කියා සිටියා.
ඒ අනුව, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 125 කට ද, සුදු හෝ රතු සම්බා මෙන්ම කැකුළු සම්බා සහල් කිලෝවක් රුපියල් 90කට ද අලෙවි කල යුතුයි.
නාඩු කිලෝවක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 90ක්.
කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙස දැක්වෙනවා.
මෙම මිල ගණන්වලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම මෙන්ම වෙළඳාම සඳහා ප්‍රදර්ශණය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කළේ.
මෙම නියෝග අද සිට බලපැවැත්වෙන බව ද ඔවුන් සඳහන් කළා.
මේ අතර, සියළුම වී මෝල් හිමියන්ගේ සේවාවන් නැවත දැනුම් දෙන තුරු කොරෝනා නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදා හැරීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මේ අනුව දිවයිනේ සියළුම සහල් මෝල් හිමියන් තමන් සතු වී තොග තම ප්‍රදේශය තුළ දී සහල් බවට පත් කළ යුතු වනවා.
සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ද, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික් බල ප්‍රදේශවල සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරා සහල් තොග බෙදා හැරීමට ක්‍රියා කළ යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
අධික ලෙස සහල් මිල ඉහළ නැංවීම හෝ සැපයුම් අඩාල කිරීම, නිරෝධායන කටයුතු වලට දැඩි අවදානමක් ඇති කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළා.
එමෙන්ම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමීමත් ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම සැලකිල්ලට ගෙන හෙට සිට රජය විසින් එම නිෂ්පාදන මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

Latest News
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026