සහල් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික අධිකාරිය කියා සිටියා.
ඒ අනුව, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 125 කට ද, සුදු හෝ රතු සම්බා මෙන්ම කැකුළු සම්බා සහල් කිලෝවක් රුපියල් 90කට ද අලෙවි කල යුතුයි.
නාඩු කිලෝවක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 90ක්.
කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙස දැක්වෙනවා.
මෙම මිල ගණන්වලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම මෙන්ම වෙළඳාම සඳහා ප්‍රදර්ශණය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කළේ.
මෙම නියෝග අද සිට බලපැවැත්වෙන බව ද ඔවුන් සඳහන් කළා.
මේ අතර, සියළුම වී මෝල් හිමියන්ගේ සේවාවන් නැවත දැනුම් දෙන තුරු කොරෝනා නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදා හැරීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මේ අනුව දිවයිනේ සියළුම සහල් මෝල් හිමියන් තමන් සතු වී තොග තම ප්‍රදේශය තුළ දී සහල් බවට පත් කළ යුතු වනවා.
සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ද, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික් බල ප්‍රදේශවල සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරා සහල් තොග බෙදා හැරීමට ක්‍රියා කළ යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
අධික ලෙස සහල් මිල ඉහළ නැංවීම හෝ සැපයුම් අඩාල කිරීම, නිරෝධායන කටයුතු වලට දැඩි අවදානමක් ඇති කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළා.
එමෙන්ම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමීමත් ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම සැලකිල්ලට ගෙන හෙට සිට රජය විසින් එම නිෂ්පාදන මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

Latest News
බොරලැස්ගමුව ඝාතනයේ වෙඩික්කරු කොට්ටාව පොලිසියට කොටුවෙයි
Local
09 October 2026
හබරාදූවේ සහෝදරියන් දෙදෙනා ඝාතනය රන් බඩු සහ මුදල් ගැනීමටදැයි සැක
Local
08 October 2026
හූති ප්රහාර හමුවේ රියාද් යවන ශ්රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගුයි
Local
08 October 2026
ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්රම්ප්
Local
08 October 2026
බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේ
Local
08 October 2026
ඔස්ට්රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්
Local
08 October 2026
"ඉදිරි වසර 2-3 ඇතුළත වැට් බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා" - ජනපති අනුර
Local
08 October 2026
නව යතුරුපැදි ලියාපදිංචිය ලබන 19 වැනිදා සිට දිස්ත්‍රික් කාර්යාල පහකින්
Local
08 October 2026
කල්අඩි ප්රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට වෙඩි
Local
08 October 2026
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
Local
08 October 2026