ජාතික රෝහලේදී කොරෝනා රෝගියෙකු බවට ඊයේ තහවුරු වූ කාන්තාවට එම වෛරසය වැළඳී ඇති බවට හෙළිවූයේ ඇය ඉන්දියාවට ගොස් මෙරටට පැමිණ දින 33කට පසුව බව පොලීසිය පවසනවා.
කෙසෙල්වත්ත පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය මෙරටට පැමිණි පසු පොලීසියේ ලියාපදිංචි වී දින 14ක කාලයක් නිවසේ නිරෝධායනයට ද ලක්ව ඇති බවයි.
59 හැවිරිදි මෙම කාන්තාව කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතේ පදිංචිකාරිණියක්.
නුගේගොඩ ප්‍රදේශයේ වන්දනා චාරිකා සඳහා පුද්ගලයින් රැගෙන යන ආයතනයක් හරහා පසුගිය පෙබරවාරි මස 29 වැනිදා මෙම කාන්තාව සිය ස්වාමි පුරුෂයා සහ වැඩිමහල් පුත්‍රයා සමඟ දඹදිව වන්දනාවේ ගොස් නැවත දිවයිනට පැමිණ ඇත්තේ මාර්තු මස 12 වනදායි.
කෙසේ වෙතත්, ඊයේ උදෑසන තමන් අසනීප තත්ත්වයකින් පසුවන බවට එම කාන්තාව කළ දැනුම්දීමකින් අනතුරුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඇගේ නිවසට ගොස් තිබූ බවයි කොළඹ මහ නගර සභාවේ දිසා අංක 2 භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම්.ටී. හේරත් කියා සිටියේ.
මේ වනවිට මෙම කාන්තාව සමඟ වන්දනා චාරිකාවට එක්වූ ඇගේ සැමියා, වැඩිමහල් පුත්‍රයා මෙන්ම අනෙක් පුතුන් දෙදෙනා ද රෝහල් ගතකර තිබෙනවා. කෙසේ වෙතත්, වැඩිමහල් පුත්‍රයාට කළ පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වැළඳී නොමැති බවට තහවුරු වුණා.
මෙම කාන්තාවට කොරෝනා වැළඳී ඇති බවට හෙළිවීමත් සමඟ ඇගේ නිවස පිහිටි කෙසෙල්වත්ත, බණ්ඩාරනායක ප්‍රදේශයේ නිවාස 58ක් හුදකලා කර තිබෙනවා.
මෙම කාන්තාව සමඟ ඊයේ අලූතින් පුද්ගලයින් හතරදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හෙළිවූ අතර, ඔවුන් සියලූදෙනාම මේ වනවිට නිරෝධායන කඳවුරුවල රඳවා සිටින පුද්ගලයින් වනවා.
මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 238ක් ලෙසයි.
සුවය ලබා පුද්ගලයින් 65 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 168ක්.
මේ අතර කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන් විසිදෙනෙකු අත්තිඩිය පොලිස් විද්‍යා පීඨයේ නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ගුණසිංහපුර ප්‍රදේශයෙන් පෙරේදා වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයා ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබුවා.පසුව ඔහුව කෙසෙල්වත්ත පොලීසියට රැගෙනවිත් ඇති අතර, ඒ හේතුවෙනුයි එම පොලීසියේ නිලධාරින් මෙලෙස නිරෝධායනයට ලක් කර ඇත්තේ.
මේ අතර වසාදමා ඇති කර්මාන්තශාලා සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තුව සතුව ඇති දත්ත උපයෝගී කරගනිමින් කර්මාන්තශාලා සම්බන්ධයෙන් සොයාබැලීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ. විමලවීර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
මේ අතර ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ අවධාරණය කළා.
දේශීය ආර්ථිකය මෙන්ම ජනජීවිතය ආරක්ෂාවන අයුරින් මෙම කටයුතු ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පැවති විශේෂ හමුවකදී සඳහන් කර ඇත්තේ.
මේ අනුව රටේ කර්මාන්තශාලා සහ සේවා කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අදාළව මාර්ගෝපදේශ සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති බවයි එහි ලේකම් භද්‍රානි ජයවර්ධන සඳහන් කළේ.

Latest News
26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජය
Local
29 August 2026
ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්
Local
29 August 2026
මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වන බවට කාලගුණයෙන් දැනුම්දීමක්
Local
29 August 2026
නේපාල ගං වතුරට හසුවූ විදේශිකයින් 184 දෙනෙකු මුදා ගැනේ
Local
29 August 2026
රුමේෂ්ගේ ප්‍රතිවාදියා වන නීරාජ් චොප්රාට ආබාධයක්
Local
29 August 2026
සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවත් වෙලා : සෙවනගල සීනි කම්හල දිනයක් නියමයක් නොමැතිව වැසේ
Local
29 August 2026
ජීවිකාව ගෙවන්න නෙළුම් මල් කඩන්න ගිය දෙදරු පියාට බෙල්ලන්විලදී අවාසනාවන්ත ඉරණමක්
Local
29 August 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සමට නීතිඥ සංගමයෙන් නව මෝසමක්
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා හොංකොං කණ්ඩායමට ජය
Local
29 August 2026
නේපාලයට ආ ගංවතුර ජනප්‍රිය හොලිවුඩ් සිනමාපටයක් වන '2012' චිත්‍රපටයේ ජවනිකාවක් සිහිගන්වන බවට කතාබහක්
Local
29 August 2026