අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු- විවාදය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට සහය පළ කරමින් සහ ඊට විරෝිධය පළ කරමින් කොළඹ නගරයේ විරෝධතා ව්‍යාපාර දෙකක් මේ වනවිටත් පැවැත්වෙනවා. කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය ආසන්නයේ අද පෙරවරුවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ශ්‍රී ලංකා නීතීඥ එකමුතුව සහ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ - අලූත්කඬේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා අද දිනයේදී පා ගමනක නිරතවීමටයි සැළසුම් කර තිබුණේ්.
කෙසේ වෙතත් එය ආරම්භ කිරීමට නීතීඥවරුන් උත්සාහ කිරීමත් සමග දෝෂාභියෝගයට සහය පළ කිරීම සඳහා පැමිණි තවත් පිරිසක් එම මාර්ගය අවහිර වන සේ උද්ඝෝෂණයක නිරතවීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගැණුනා. එම අවස්ථාවේදී හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.
[MP3]s51172_1[/MP3]
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට සහය පළ කරමින් පැමිණ සිටි පිරිස අතර කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ එක්ව සිටියා. එහිදී ඔහු හිරු ප්රවෘත්ති අංශයට මෙලෙස අදහස් දැක්වූවා.
[MP3]s51172_2[/MP3]
කුමන බාධක පැමිණියද තමන් සැලසුම් කරගත් පරිදි පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා විරෝධතා පා ගමනේ නිරතවන බව විරෝධතාවයට එක්ව සිටි නීතීඥයන් ප්‍රකාශ කළා. එහිදී හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ නීතීඥ සුනිල් වටගල.
[MP3]s51172_3[/MP3]
ඉන් අනතුරුව නීතීඥවරුන් සිය පා ගමන ආරම්භ කළ අතර එය මේ වනවිට කොළඹ - කොටුව - ලෝටස් වට රවුම දක්වා පැමිණ තිබෙනවා. එහි නවතම තත්ත්වය දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවා එම ස්ථානයේ සිටින හිරු ප්රවෘත්ති අංශයේ මාණ්ඩලික වාර්තාකරු අමිලනාත් මාසිංහගේ.
[MP3]s51172_4[/MP3]
නීතීඥවරුන්ගේ මෙම පා ගමන හේතුවෙන් ලෝටස් වටරවුම ආසන්නයේ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්ද පවතින බවයි නාගරික රථවාහන පොලීසිය ප්‍රකාශ කළේ.
දෝෂාභියෝග තේරීම් කාරක සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ ආරක්ෂාවද පොලීසිය විසින් මේ වනවිට තරකර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ගෙන එන පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු ශානුක කරුණාරත්න.
[MP3]s51172_5[/MP3]
[JPG]51167_1[/JPG]
[JPG]51167_2[/JPG]
[JPG]51167_3[/JPG]
[JPG]51167_4[/JPG]
Latest News
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි