General30 January 2013

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

2012 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විභාග කොමසාරිස්වරයා කියා සිටියේ බොහෝ විට අද (30) මධ්‍යම රාත්‍රියෙන් පසු  විභාග ප්‍රතිඵල අන්තර් ජාලයට එක් කිරීමට හැකිවනු ඇති බවයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

 
2012 වසරේ අගෝස්තු මස 06 දින ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගය සඳහා නව විෂය නිර්දේශය යටතේ සිසුන් දෙලක්ෂ 36,025 ක් සහ පැරණි නිර්දේශය යටතේ සිසුන් 41,676 ක් මෙවර විභාගයට පෙනී සිටියා. විභාග මධ්‍යස්ථාන 2093 කදී උසස් පෙළ විභාගය පැවැති අතර අධීක්ෂණ කටයුතු සඳහා ගුරුවරුන් 14,000 ක් යොදවා තිබුණා.

Related recommendation
Hiru TV News | Programmes