General08 March 2013

LLRC 99% ක් අවසන්. - ඇමති මහින්ද සමරසිංහ.


 

උගත් පාඩම් වාර්තාවේ නිර්දේශවලින් සියයට 99 ක්ම ශ්‍රී ලංකාව මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා දුත පිරිස මෙහෙයවන අමාත්‍ය මහින්ද සමරසිංහ ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේ පිටස්තර යෝජනා සලකා බැලීමට පෙර ශ්‍රී ලංකාවට මෙම නිර්දේශ ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵල අත්කර ගැනීමට අවස්ථාව ලැබිය යුතු බවයි. පසුගිය පෙබරවාරි 26 වැනිදා මානව හිමිකම් සැසිවාරය වෙත තමා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේයැයි ඉන්දීය මාධ්‍ය කියා සිටියා.

Related recommendation
Hiru TV News | Programmes