ශ්‍රී ලංකාවට පවරා ඇති කච්චතිව් දූපත සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමට අවශ්‍යතාවයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඉන්දියාවේ දෙදින සංචාරයක නිරතව සිටින මහාචාර්ය ජී.එල්. පීරිස් එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ කච්චතිව් දූපත පිළිබඳව ගැටළුවක් නොමැති බවයි. ඉන්දියාවේ ඇතැම් දේශපාලනඥයින් කච්චතිව් දූපත යළි පවරා ගතයුතු බවට කරනු ලබන තර්ජනවලින් පළක් නොවන බවත් එය මේ වනවිට විසඳුම් ලැබී ඇති ගැටළුවක් බවත් ඔහු ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයින් පිළිබඳව එරට මාධ්‍ය හමුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් පළ කළා. ඔහු කියා සිටියේ වරකට ධීවරයින් 1 500 ක් පමණ යාත්‍රා 400 ත් 500 ත් අතර සංඛ්‍යාවකින් මෙරට මුහුදු සීමාවට පැමිණ නීතිවිරෝධී අයුරින් ධීවර කටයුතුවල නිරතවන බවයි. මෙරට වෙරළ තීරයේ සිට මීටර් 700 ක් පමණ ආසන්නයට පැමිණ මත්ස්‍ය සම්පත් නෙලාගන්නා ඉන්දීය ධීවරයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා. දැනට මෙරට අත්අඩංගුවේ ඉන්දීය ධීවරයින් 100 ක් පමණ සිටිනවා. ඇතැම් ධීවරයින් මාස දෙකකට අධික කාලයක් මෙරට අත්අඩංගුවේ පසුවන බව සඳහන්. මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන කඩිනමින් මුදා හැරීමට කටයුතු කළත් දැනට අත්අඩංගුවේ පසුවන ධීවරයින්ට එවැනි සහනයක් ලබාදීමට අපේක්ෂා නොකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එළඹෙන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන ලෙස නිල ආරාධනය සිදු කිරීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්දියාව බලා පිටත්ව ගියේ ඊයේ පස්වරුවේයි. අද පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං හමුවී මෙම නිල ආරාධනය සිදුකරනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මේ අතර විපක්ෂ නායක රනිල් වික්රමසිංහද මේ වනවිට නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබෙනවා.
Latest News
දඹදිව වන්දනාකරුවන්ගේ කණ්ඩායම්වලට දෙන නොමිලේ වීසා තවදුරටත්
තහනම් දුම්වැටි එක්ක මැලේසියානුවෙක් කොටුවෙයි
ජර්මනියේ පෙළපාළියකට මෝටර් රථයක් කඩා වදී: අයෙක් මියගොස් 14 කට තුවාල
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි