ශ්‍රී ලංකාවේ සංචාරය කළ 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ ගිනි සිළුව අද (21) මාලදිවයිනට රැගෙන යාමට නියමිතයි. ඊයේ (20) දිනයේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙන ගියා. කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකිනුයි ගිනි සිළුව මහනුවර නගරයට රැගෙන යනු ලැබුවේ. එහිදී වේයන්ගොඩ, රඹුක්කන, පොල්ගහවෙල යන දුම්රිය ස්ථානවලදී විශේෂ පිළිගැනීමක්ද සිදුකර තිබෙනවා.
යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 සඳුදා- පෙරවරු 01:45
---------------------------------------------------------------------------
පොදුරාජ්‍ය මණ්ඩලීය ගිනි සිළුව දළදා මාලිඟාවේ.
පෙර පුවත 2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 07:43
ශ්‍රී ලංකාවේ සංචාරය කරන 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව අද (20) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත රැගෙන යනු ලැබුවා. ගිනි සිළුව අද උදෑසන මහනුවර බලා ගමන් ආරම්භ කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්. ඒ සදහා විශේෂිත දුම්රියක් යෙදවීමට ද ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගත්තා. මහනුවර බලා යන ගමනේදී ගිනි සිළුවේ පළමු නැවතුම්පොළ වූයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි. මීට අමතරව පොල්ගහවෙල, රඹුක්කන යන දුම්රිය ස්ථානවලදී ගිනිසිළුව රැගෙන ආ පිරිසට විශේෂ පිළිගැනීමක් ද සිදුකෙරුණා. අනතුරුව ගිනිසිළුව පින්නවල අලි අනාථාගාරය වෙත රැගෙන ගියා. එහිදී මැණිකා ඇතින්න පිට ද ගිනි සිළුව රැගෙන යාම ද විශේෂත්වයක්.
Latest News
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳිය නොහැකියි – දිනන දකුණ
නුවරඑළියේ පාසල් 400 කට 'ගෙවතු වගා' පෝෂණ වැඩසටහනක් - ප්‍රතිලාභීන්ට කෘෂි උපකරණ
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
සෙව්වන්දිගෙන් කට උත්තර ගන්න CCDය අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යන්න අධිකරණයෙන් අවසර පතයි