ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළ බැස තිබෙනවා. ඒ, ඉරානයට එරෙහිව පනවා තිබූ ආර්ථික සම්බාධක ලිහිල් කිරීමත් සමගයි. ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල සියයට 2 ත් 3 ත් අතර සංඛ්‍යාවකින් අඩුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ලොව බොර තෙල් අපනයනය කරනු ලබන 4 වන විශාලතම රට වන්නේ ඉරානයයි. ඉරානයට මෙතෙක් පැවති සම්බාධක ඉවත් කිරීමත් සමග මැදපෙරදිග තෙල් නිෂ්පාදන රටවල පැවති පීඩනය අඩුව තිබෙනවා. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලොව බලවත් රටවල් ගිවිසුමකට එළඹුණා. එමගින් බලාපොරොත්තු වුණේ ඉරානයෙන් ලෝකයේ සෙසු රටවල්වලට එල්ලවිය හැකි න්‍යෂ්ටික තර්ජනය වළක්වා ගැනීමයි.
කෙසේ වෙතත් ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමත් සමග ශ්‍රී ලංකාවට වාසියක් අත්වේද යන්න පිළිබඳව මේ වනවිට වඩාත් කථාබහට ලක්වනවා. මෙරට පිරිපහදුව සඳහා වැඩිවශයෙන් බොරතෙල් ආනයනය කරන්නේ ඉරානයෙන්. එහෙත් ඉරානයට ජාත්‍යන්තර සම්බාධක පැනවීමත් සමග ඉරානයෙන් බොරතෙල් ආනයනය කිරීමට බාධා පැමිණුණා. ඒ අනුව මෙරට ඉන්ධන අවශ්‍යතාව සඳහා ඕමානයෙන් බොරතෙල් ගෙන්වූ අතර බොහෝ අවස්ථාවලදී පිරිපහදු කළ ඉන්ධන ආනයනය කරනු ලැබුවා. මෙම පසුබිම යටතේ ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම මගින් බොරතෙල් ආනයනයේදී ශ්‍රී ලංකාවට වාසියක් අත්වේද යන්න පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සම්බාධක ලිහිල්වීම තුළින් ශ්‍රී ලංකාවට යළිත් වරක් ඉරානයෙන් බොරතෙල් රැගෙන ඒම පිළිබඳව සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි බවයි. එවිට දැනට පවතින සියලූ ප්‍රශ්න අවසන් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Latest News
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026