General02 December 2013

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානමක්.

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ඩෙංගු මර්දනය සඳහා වන අන්තර් පාර්ශවීය කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද රැස්වුණා. එහිදී තීරණය වී ඇත්තේ ජාතික මදුරු මර්දන සති දෙකක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමටයි. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය ඇතුලූ බස්නාහිර පළාතේ අලූතෙන් ඉදිවන සියලූම ගොඩනැගිලි පරිශ්‍ර වහාම පරීක්ෂාවට ලක්කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී අදාළ බලධාරීන්ට දැනුම්දී තිබෙනවා. 
Related recommendation
Hiru TV News | Programmes