General14 December 2013

ඇල්පිටියේදී බස් රථයක් ගිනි ගනී.

ඇල්පිටිය - ඇත්කඳුර ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ගිනිගෙන විනාශවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම බස් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා තබා ඇති අතර, රියදුරු අමතර කොටස් රැගෙන ඒමට පිටව ගොස් සිටියදියි ගිනි ගැනීම සිදුව ඇත්තේ. පෞද්ගලික කර්මාන්ත ශාලාවකට සේවිකාවන් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෙම බස් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගෙන ඇති බවට පොලීසිය සැක කරනවා.
Related recommendation
Hiru TV News | Programmes