නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ අද (18) සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. ඒ ඊට අදාළ නඩුව රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. 1997 වසරේ පෙබරවාරි 11 වැනිදා කුරුවිටදී සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල සහ ටී.එම්.ජයසේන නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වසර ගණනාවක් ලඝු නොවන නඩු විභාගයක් පැවතුණා. පසුව නීතිපතිවරයා විසින් සිද්ධියට අදාළව රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.
නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද රත්නතිලක, දොන් පුන්යපාල, එස්.ඩබ්ලිව්.වීරසේකර සහ ඩබ්ලිව්.ඩබ්ලිව්.පෙරේරා යන අය නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබුණා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද රත්නතිලක මියගියේ මෙම නඩු විභාගය අතරතුරයි. අමාත්‍ය ඩිලාන් පෙරේරා ද මෙම නඩුවේ සාක්ෂි කරුවෙක්.
රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි හමුවේ මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවකදී නඩුවේ දෙවන, තුන්වන සහ හතරවන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරුණා. ඒ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව, පැමිණිල්ලේ නඩු විභාගය අවසන් වුවත් විනිසුරුවරයාට විත්තිය නඩු විභාගය සඳහා කැඳවිය හැකියි. ඒ අනුව, විත්තිය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි විත්තිය කැඳවීමකින් තොරව නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, නාලන්ද එල්ලාවල නඩුවට අදාළ සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බව අද ප්‍රකාශ කළා. ඒ පැමිණිල්ල මගින් විත්තිකරුවන්ට එරෙහිව පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් නොකිරීම හේතුවෙන්.
Update : Wednesday, 18 December 2013 - 12:48
------------------------------------------------
නාලන්ද එල්ලාවල නඩුවේ චෝදනාවලින් සුසන්ත පුංචිනිලමේ නිදහස්.
නාලන්ද එල්ලාවල ඝාතන නඩුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීයි. මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු විත්තිය කැඳවීමකින් තොරව නිදහස් කිරීමට විනිසුරුවරයා පියවර ගත් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළා.

Latest News
දිට්වා පීඩාවට පත් ව්‍යාපාර සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රම දෙකක්
Local
08 September 2026
රාජ්‍ය ආයතන තුළ ‘ඩිජිටල් සංවර්ධන ඒකක’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
Local
08 September 2026
දුම්රිය වෘත්තීය සමිති පැය 48ක වැඩවර්ජනයකට සැරසෙයි
Local
08 September 2026
කොළඹ මහාධිකරණයේ නඩුවකට අල්ලස් ගත්තැයි අධිකරණ කාර්යාල කාර්ය සහයකයෙක් දැලේ
Local
08 September 2026
පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ඔක්තෝබර් 1 සිට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන්
Local
08 September 2026
රථ වාහන දඩ ගෙවීමේදී ජංගම දුරකතන වෙත ලැබෙන පණිවුඩ ගැන පොලිසියෙන් දැනුම් දීමක්
Local
08 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි 11 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
08 September 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
08 September 2026
ජගත් පුෂ්පකුමාරට එරෙහි නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වැනිදා
Local
08 September 2026