මාලදිවයිනේ දේශපාලනඥයෙකුගේ ශාන්තිකර්මයක් සඳහා එරට වෙසෙන ශ්‍රී ලාංකික මිතුරෙකු කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑ පැටවා මිලට ගැනීමට උත්සාහ කළ බව ගායන ශිල්පී අමල් පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව කොස්ගොඩ පොලිසියට අද (19) ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ. සිය නීතිඥවරුන් සමග අද උදෑසන කොස්ගොඩ පොලිසියට පැමිණි ගායන ශිල්පි අමල් පෙරේරාගෙන් පැය 03 කට ආසන්න කාලයක් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිමිකරු වන චන්ද්‍රසිරි ආබෲ කියා සිටියේ මාලදිවයිනේ සේවය කරන මිතුරෙකුට මෙම කැස්බෑ පැටවා ලබාදෙන ලෙස ගායක අමල් පෙරේරා කීප වරක්ම තමන්ගෙන් ඉල්ලා සිටි බවයි. එක් අවස්ථාවකදී එම මිතුරා සමග අමල් පෙරේරාද තම කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණි බව ඔහු කියා සිටියා.
මේ අතර, සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමට ගායක අමල් පෙරේරාද කොළඹ දී අද (19) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම සුදු කැස්බෑ පැටවා සොරකම් කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
කෙසේ වෙතත්, සොරකම් කළ බව කියන මෙම සුදු කැස්බෑ පැටවා මාලදිවයිනේ සිටින බවට තමන් විශ්වාස කරන බව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඊයේ (18) ප්‍රකාශ කළා. ඒ, එම අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීයි. ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර පොලිසියේද සහය ලබා ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
Update : Thursday, 19 December 2013 - 07:44 PM
-----------------------------------------------
අමල් පෙරේරාගෙන් පොලීසියට කටඋත්තරයක්.
කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑ පැටවා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ගායක අමල් පෙරේරා අද උදෑසන කොස්ගොඩ පොලීසිය වෙත පැමිණියා. ඔහු එම ප්‍රකාශය ලබාදී මීට සුළු මොහොතකට පෙර පොලිස් ස්ථානයෙන් පිටව ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.
පසුගිය ඉරිදා රාත්‍රියේ මෙම කැස්බෑ පැටවා සොරකම් කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ කොස්ගොඩ පොලීසියට පැමිණෙන ලෙස ගායක අමල් පෙරේරාට පොලීසිය දැනුම් දී තිබුණා. නමුත් මංගල උත්සවයකට සහභාගිවීමට සිදුවීම නිසා අද දිනයේදී තමන් පොලීසිය වෙත පැමිණෙන බවයි ගායක අමල් පෙරේරා ප්‍රකාශ කර තිබුණේ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
Update : Thursday, 19 December 2013 - 12:57

අමල් පෙරේරා පොලීසියට එයි.
කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑ පැටවා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ගායක අමල් පෙරේරා අද උදෑසන කොස්ගොඩ පොලීසියට පැමිණියා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ නීතීඥ කණ්ඩායමක් සමග පැමිණි ඔහුගෙන් මේ වනවිටත් පොලීසිය ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි. පසුගිය ඉරිදා රාත්‍රියේ මෙම කැස්බෑ පැටවා සොරකම් කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස ඊයේ ගායක අමල් පෙරේරාට කොස්ගොඩ පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. නමුත් ඊයේ දිනයේ මංගල උත්සවයකට සහභාගිවීමට සිදුවීම හේතුවෙන් අද දිනයේ තමන් පොලීසිය වෙත පැමිණෙන බවයි ගායක අමල් පෙරේරා හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
Update : Thursday, 19 December 2013 - 10:27 AM
------------------------------------------------
අතුරුදන් වූ ඇලි කැස්බෑවා මාලදිවයිනේ ද?
කොස්ගොඩ - කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටියදී සොරකම් කළ බව කියන ඇලි කැස්බෑ පැටවා මාලදිවයිනේ සිටින බවට තමන් විශ්වාස කරන බව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා. සිය අමාත්‍යාංශයේදී අද මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
අදාළ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිමිකරුවන චන්ද්‍රසිරි ආබෲ ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියා. එහිදී ඔහු කියා සිටියේ මාලදිවයිනේ මිතුරෙකුට මෙම කැස්බෑ පැටවා ලබාදෙන ලෙස ගායක අමල් පෙරේරා කීප වරක්ම තමන්ට දැනුම් දුන් බවයි. එක් අවස්ථාවකදී මෙම මාලදිවයින් මිතුරාද අමල් පෙරේරා විසින් තම කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බවද ඔහු මෙහිදී සිහිපත් කළා.
Update : Wednesday, 18 December 2013 - 7:09
------------------------------------------------------------------------
ගායක අමල් පෙරේරා පොලිසියට පැමිණ නැහැ.
Wednesday, 18 December 2013 - 12:46
කොස්ගොඩ - කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑ පැටවා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පැමිණෙන ලෙස ගායක අමල් පෙරේරාට දැනුම්දී තිබුණ ද ඔහු අද (18) දිනයේ පෙනී නොසිටි බව කොස්ගොඩ පොලිසිය සඳහන් කළා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් හෙට දිනයේදී කොස්ගොඩ පොලිසිය වෙත පැමිණෙන බවයි අමල් පෙරේරා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ. පසුගියදා ඉරිදා රාත්‍රියේ මෙම සුදු කැස්බෑ පැටවා සොරකම් කර තිබූ අතර, අදාළ පර්යේෂණ මධ්‍යස්ථානයේ භාරකරුවන් සඳහන් කළේ මීට පෙර ගායක අමල් පෙරේරා ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් මෙම කැස්බෑ පැටවා මිලදී ගැනීමට පැමිණි බවයි.
ඒ අනුවයි, මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද දිනයේ පොලිසියට පැමිණෙන ලෙස ගායක අමල් පෙරේරාට කොස්ගොඩ පොලිසිය දැනුම්දී තිබුණේ. කෙසේ නමුත් හෙට දිනයේදී, ඔහු පොලිසියට නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව එම පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.
මේ අතර, මෙම සුදු කැස්බෑ පැටවා විදේශ රටකට අලෙවි කර ඇත්නම්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මේවන විට ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර ඇති බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Latest News
කොළඹ රජ කරන මීයෝ......
Local
28 August 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුවේ විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා
Local
28 August 2026
මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
Local
28 August 2026
ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්
Local
28 August 2026
නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි
Local
28 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026