මන්නාරම කෝවිල් භූමියෙන් හමුවූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් ඉදිරි කැණීම් කටයුතු විශේෂඥයෙකු යටතේ සිදුකෙරෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ මෙහෙයවීම මත ඉදිරි කැණීම් කටයුතු සිදුකිරීම හෙට සිට ඇරඹෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සදහන් කළා.
පසුගිය සිකුරාදා මන්නාරම ඒ - 32 ප්‍රධාන මාර්ගයේ තිරුකේදීෂ්වරම් කෝවිලට පිවිසුම් මාර්ගයේ ජලනල සවි කරමින් සිටි කොන්ත්‍රාත්කරුවන්ට මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබුණා. පසුව පොලිසිය ද මැදිහත්වීමෙන් මන්නාරම මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර කැණීම් කටයුතු සිදුකෙරුණා. ඊයේ (22) වනවිට මෙම ස්ථානයේ තිබූ මිනිස් හිස් කබල් 10 ක් සහ අස්ථි කොටස් කිහිපයක් සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙය පසුගිය යුධ සමයේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් සාදන ලද සමූහ මිනීවළක් බවට අනුමාන කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ.
මේ අතර, මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවලේ දත්ත කොටස් පරීක්ෂා කිරීම සඳහා ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල මහරෝහලේ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේකර සඳහන් කළේ මේ වනවිටත් අදාළ දත්ත කොටස් රැසක පරීක්ෂණ සිදුකර අවසන් බවයි. මාතලේ සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් කාල නිර්ණය සඳහා චීනයේ - බීජිං නුවර වෙත යැවීමට ද අධිකරණ නියෝග මත මීට පෙර පියවර ගැණුනා.

Latest News
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026