General16 January 2015

ශ්‍රී.ල. නි.ප. සභාපති ධුරය අද ජනපති මෛත්‍රීපාල සිරිසේනට.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද (16) සිට භාරදීමට තීරණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. එම තීරණය අද රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී දැනුම්දෙන බවයි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශක විජයානන්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ අවදානම වැළැක්වීම උදෙසා මෙම තීරණය ගත් බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes