General23 January 2015

ප්‍රහාරයට ලක්වන විට, චන්ද්‍රිකා සහ ගෝඨාභය ගමන් කළ වාහන දෙකත්, පිටකෝට්ටේ වාහන 53 අතර.

පිටකෝට්ටේ වාහන අංගනයක තිබී සොයා ගත් ජනාධිපති කාර්යාලයට අයත් වාහන 53 අතර හිටපු ජනපතිනියට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ මොහොතේ ඔවුන් භාවිත කළ මෝටර් රථ දෙක ද හමුවී තිබෙනවා. පිටකෝට්ටේ - ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක පවත්වාගෙන ගිය මෙම වාහන අංගනයේ තිබී ජනාධිපති කාර්යාලයට අයත් වාහන 53ක් සොයා ගත්තේ ඊයේ දිනයේදියි.

මෝටර් රථ 34 ක්, ජිප් රථ 13 ක්, වෑන් රථ 2 ක්, කැබ් රථ 2 ක් සහ යතුරුපැදියක් ඒ අතර තිබුණා. එම වාහන අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වන අවස්ථාවේ ඔවුන් ගමන් කළ මෝටර් රථ ද තිබූ බව පිටකෝට්ටේ - ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයේ වත්මන් සභාපති රංජිත් පෙරේරා ප්‍රකාශ කළා.

Related recommendation
Hiru TV News | Programmes