ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජය තුළින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට නව බලාපොරොත්තුවක් ඇති වී තිබෙන බව වැවිළි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ. වේලායුදන් ඉන්දියාවේදී ප්‍රකාශ කළා. තමිල්නාඩුවේ ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධි පසුගිය ඉරිදා හමුවූ වේලායුදන් රාජ්‍ය අමාත්‍යවරයා නව නායකත්වය යටතේ පවතින වාතාවරණය පිළිබදව ඔහුට පැහැදිලි කර තිබෙනවා. විශේෂයෙන් උතුරේ දෙමළ ජනතාවට නිදහසේ කටයුතු කිරීමට නව රජය අවස්ථාව සලසමින් සිටින බවයි ඔහු කරුණානිධි වෙත පෙන්වා දී ඇත්තේ.
තවදුරටත් කදවුරුවල සිටින අවතැන්වූවන් පුනරුත්ථාපනය කිරීම නව රජයේ ප්රමුඛ ක්‍රියාමාර්ගයක් බවයි රාජ්‍ය අමාත්‍ය වේලායුදන් සඳහන් කළේ. ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බවත්, ඔහු අවධාරණය කළා. කෙසේ නමුත්, කිසිවෙකුට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජය බල නොකරන බවයි ඔහු කියා සිටියේ. යුද්ධයේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් කෙරෙහි රජය විශ්වාසය තබන බව වේලායුදන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර, ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට ඉන්දියාවේ දී උපන් ළමයින් 16,000ක් සිටින බව රාජ්‍ය නොවන සංවිධානයක් ප්‍රකාශ කළා. ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසිභාවය හෝ ඉන්දීය පුරවැසිභාවය නොමැති අතර, හුදෙක් සරණාගත තත්ත්වයක් පමණක් හිමිව ඇති බවයි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් පිළිබද කටයුතු කරන එම ඉන්දීය රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙන්නේ.

Latest News
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026
මාතර වෙළෙඳසලක ගින්නක්
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට
Local
29 July 2026
අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක්ට ඇප
Local
29 July 2026
භෞතික සංවර්ධනයට වඩා රටකට වැදගත් වන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික වර්ධනයයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 July 2026
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් අද කොළඹට
Local
29 July 2026
අමෙරිකා - සවුදි ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාකයේ PMF හමුදාවේ 20ක් මරුට
Local
29 July 2026
හොරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක12 දෙනෙක් නාවික හමුදා භාරයට
Local
29 July 2026