International25 February 2015

ඇමරිකාවේ ඇලෙස්කාහි 21ට වැඩි පුද්ගලයින්ට ගංජා ළඟ තබා ගැනීමට අවසර

වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයින්ට ගංජා ග්‍රෑම් 28ක් ළඟ තබා ගැනීමට හැකි බවට ඇමරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේ නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා. මෙම නීතිය අද සිට ක්‍රියාත්මක වන අතර සිය නිවසෙහි උපරිම වශයෙන් ගංජා පැළෑටි 6ක් වගා කළ හැකි ලෙසට ද මෙහි දැක්වෙනවා. ඇමරිකාවේ මෙම නීතිය ක්‍රියාත්මක වන තුන්වන ප්‍රාන්තය මෙය වන අතර දැනටමත් කොලරාඩෝ සහ වොෂින්ටන් ප්‍රාන්තවල ද මෙය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, ප්‍රසිද්ධ ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිතා කළ නොහැකි බවට පවතින නීතිය තවදුරටත් ක්‍රියාත්මක බවයි ඇමරිකානු බලධාරීන් සදහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes