2006 වසරේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද (24) නඩු පවරනු ලැබුවා. ඒ අනුව අප්‍රේල් 2 වැනිදා ඊට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට නියෝග කළේ. එතෙක් ඔහුට විදේශගතවීමද අධිකරණය තහනම් කර තිබෙනවා.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම 2006 වසරේදී කටයුතු කළේ ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සංවිධාන කර තිබූ ප්‍රදර්ශනයක් සඳහා අනුමත කළ මුදලට වඩා වැඩි මුදලක් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම විසින් ලබාගෙන ඇති බවට ඔහුට එරෙහිව එල්ලවන එක් චෝදනාවක්. එවකට සිටි ආයෝජන මණ්ඩල සභාපතිවරයාට පෙළඹවීම් කර මෙම මුදල අනුමත කරවාගෙන ඇති බවද අල්ලස් කොමිසම අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එසේම ලන්ඩන් නුවරට ගිය අමාත්‍යවරයා නවාතැන්ගත් හෝටලයේ වියදම් වශයෙන් අනුමත මුදලට වඩා රුපියල් 11 ලක්ෂ 70 474 ක මුදලක් වියදම් කර තිබීමද ඔහුට එරෙහිව එල්ලවී ඇති තවත් චෝදනාවක්.

Latest News
රුධිර පරීක්ෂාවට වැඩිපුර මුදල් අය කළ වවුනියාවේ පෞද්ගලික රෝහලකට ලක්ෂ පහක දඩයක්
Local
30 July 2026
ඉදිරි මාස දෙකේ ඇති විය හැකි අනපේක්ෂිත වියළි කාලගුණය ගැන විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
30 July 2026
කුඩා වැව් රැසක් සිඳී යාමේ අවදානමක්! - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්
Local
30 July 2026
භූමිකම්පාවකින් බලපෑම් එල්ල වූ ජපානයට ඉන්දියාවේ සහය
Local
30 July 2026
පියා බලන්න රෝහලට ගොස් පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
Local
30 July 2026
වත්තල වෙඩි තැබීමේ සිද්ධියට ආධාර දුන් තරුණයෙක් කොටු
Local
30 July 2026
සුගීෂ්වර බණ්ඩාර අගෝස්තු 12 දක්වා යළි රිමාන්ඩ්
Local
30 July 2026
කොරියානු තානාපතිනිය හා අගමැතිවරිය අතර හමුවක්
Local
30 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.59යි
Local
30 July 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පාකිස්තාන ව්‍යාපාරිකයන්ට 'නිහඬ වීසා තහනමක්
Local
30 July 2026