General24 March 2015

බෝගොල්ලාගමට විදේශගතවීම තහනම්

2006 වසරේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද (24) නඩු පවරනු ලැබුවා. ඒ අනුව  අප්‍රේල් 2 වැනිදා ඊට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට නියෝග කළේ. එතෙක් ඔහුට විදේශගතවීමද අධිකරණය තහනම් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම 2006 වසරේදී කටයුතු කළේ ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සංවිධාන කර තිබූ ප්‍රදර්ශනයක් සඳහා අනුමත කළ මුදලට වඩා වැඩි මුදලක් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම විසින් ලබාගෙන ඇති බවට ඔහුට එරෙහිව එල්ලවන එක් චෝදනාවක්. එවකට සිටි ආයෝජන මණ්ඩල සභාපතිවරයාට පෙළඹවීම් කර මෙම මුදල අනුමත කරවාගෙන ඇති බවද අල්ලස් කොමිසම අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එසේම  ලන්ඩන් නුවරට ගිය අමාත්‍යවරයා නවාතැන්ගත් හෝටලයේ වියදම් වශයෙන් අනුමත මුදලට වඩා රුපියල් 11 ලක්ෂ 70 474 ක මුදලක් වියදම් කර තිබීමද ඔහුට එරෙහිව එල්ලවී ඇති තවත් චෝදනාවක්.

Related recommendation
Hiru TV News | Programmes