General20 April 2015

මැතිසබයේ සිද්ධිය ගැන හිටපු ජනපති කතා කරයි

තමන් අතින් වැරදි සිදුවූ බවත්, සිදුවූ වැරදිවලට තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා. මොනරාගල - හම්බෙගමුව පුරාණ රජමහා විහාරයේ බෝධි පූජා පිංකමකට ඊයේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. තමන්ට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස කළ දැනුම්දීම සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා එහිදී මෙලෙස අදහස් පළ කළා.

‘‘මට ඊයේ තෑග්ගක් ගෙනත් දුන්නා. අල්ලස් කොමිසමට මට එන්න කියලා. මම බැලූවා මොකට ද ඒ කියලා. බලනකොට මම අල්ලසක් දීලා. තිස්ස අත්තනායක මහත්තයාට කැබිනට් ඇමතිකමක් දීලා කියලා. මේ වගේ විහිලූ තමයි අද අපිට දකින්න තියෙන්නේ. ප්‍රශ්න කිරීම්, පළි ගැනීම්  ඕවා තමයි. මේ බෝධි පූජාවේ බලයෙන් ඔවුන්ගේ හිත් වල තියෙන ක්‍රෝධය නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වැරදි නැහැ කියන්නේ නැහැ. මගේත් වැරදි තිබුණා. වැරදි කරපු අය සමහර ඒවයින් අපි නිදහස් කළා. ඒක තමයි එක වරදක්. ඒ ගැන මම ඔබ තුමන්ලාගෙන් සමාව ඉල්ලනවා. ඒත් එක්කම මම කියන්න කැමතියි තවත් නම් ඒ වැරදි කරන්න මම සූදානම් නැහැ.’’ 

තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාරාහේන්පිට අභයාරාමයේ දී ඊයේ ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩල රැස්වීමට සහභාගි වුණා. ඊයේ (20) පස්වරුවේ පැවැති මෙම රැස්වීමෙන් අනතුරුව ඔහු ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ, එහිදී ඊට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ පාර්ලිමේන්තුවේ යම් සිද්ධියක් සිදුවන බවට තමා ද මාධ්‍ය හරහා දැන ගත් බවයි.


Related recommendation
Hiru TV News | Programmes