19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ සහාය මේ වන විට යළි අවිනිශ්චිත තත්ත්යකට පත්ව තිබෙනවා. ඒ, අද (27) දිනයේ ඔවුන් ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ යෝජනා 8 හේතුවෙන්. එම යෝජනාවන්ගේ ඇතැම් ඒවාට ආණ්ඩුව පාර්ශවයෙන් නිශ්චිත එකගත්වයක් හිමිව නොමැති බවයි වාර්තා වන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කළ යුතු බවට වන යෝජනාව ඉන් එකක්.
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද විවාදය පැවැත්වෙන අතරතුර පක්ෂ නායක රැස්වීම් දෙකක් පැවැත්වුණා. ඒ, දහවල් සහ සවස් වරුවේයි. දහවල් පක්ෂ නායක රැස්වීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටි බව සදහන්.
මෙම පක්ෂ නායක රැස්වීම්වලදී විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කළා.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුව පිළිගත යුතු බවයි.
මෙම යෝජනා ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් ද හිරු ප්රවෘත්ති අංශය මේ පිළිබදව කරුණු විමසා සිටියා. ඔහු කියා සිටියේ අදාළ යෝජනා ආණ්ඩුව මේ වන විට සලකා බලමින් සිටින බවයි. ඒ සඳහා 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට මෙතෙක් පැමිණ නොමැති බවයි මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ.

Latest News
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට
Local
08 August 2026
ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local
08 August 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි
Local
08 August 2026
පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවන ලකුණු
Local
08 August 2026
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026
කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි
Local
08 August 2026
ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වෙයි
Local
08 August 2026
SDIGලා සිව්දෙනකුට ස්ථාන මාරු
Local
08 August 2026
ජූලි මාසයේදී විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 777.6ක්
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගියේ ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු යැයි මුලින් සැක කළ තැනැත්තායි
Local
08 August 2026