General27 April 2015

19 සම්මත වීම යළි අවිනිශ්චිතයි

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ සහාය මේ වන විට යළි අවිනිශ්චිත තත්ත්යකට පත්ව තිබෙනවා. ඒ, අද (27) දිනයේ ඔවුන් ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ යෝජනා 8 හේතුවෙන්. එම යෝජනාවන්ගේ ඇතැම් ඒවාට ආණ්ඩුව පාර්ශවයෙන් නිශ්චිත එකගත්වයක් හිමිව නොමැති බවයි වාර්තා වන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කළ යුතු බවට වන යෝජනාව ඉන් එකක්.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද විවාදය පැවැත්වෙන අතරතුර පක්ෂ නායක රැස්වීම් දෙකක් පැවැත්වුණා. ඒ, දහවල් සහ සවස් වරුවේයි. දහවල් පක්ෂ නායක රැස්වීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටි බව සදහන්.

මෙම පක්ෂ නායක රැස්වීම්වලදී විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුව පිළිගත යුතු බවයි.

මෙම යෝජනා ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව කරුණු විමසා සිටියා. ඔහු කියා සිටියේ අදාළ යෝජනා ආණ්ඩුව මේ වන විට සලකා බලමින් සිටින බවයි. ඒ සඳහා 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට මෙතෙක් පැමිණ නොමැති බවයි මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes