හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අද (05) අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි.
අද පෙරවරුවේ සිට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැය 5 කට වැඩි කාලයක් ප්‍රශ්න කළා. ඒ, ඔහු වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,000 ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන්. ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ තොග හා පාලන ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයා මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.
පසුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
Update: Tuesday, 05 May 2015 - 18:30
------------------------------------------------
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ සිට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කළා. ඒ, ඔහු වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,316ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන්.
ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ තොග හා පාලන ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයා විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේ පසුගිය 22 වැනිදායි. ඒ අනුව මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දී තිබුණා.
මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
ජොනී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය

Latest News
AI තාක්ෂණයෙන් මෙටා සමාගමේ සේවකයින් ඉවත් කළ බවට එරෙහි නඩුව විසිවෙයි
Local
18 July 2026
ඩෙංගු මරණ 53 දක්වා ඉහළට: රෝගීන් 74,447ක්
Local
18 July 2026
නීති විරෝධීව සැකසූ යතුරුපැදි 16ක් සමග 16 දෙනෙකු හෝමාගමදී කොටු වෙති
Local
18 July 2026
අමෙරිකාවේ 250 වන නිදහස් සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා - අමෙරිකා සබඳතා ඇතුළත් සමරු ග්‍රන්ථයේ ප්‍රථම පිටපත අමෙරිකානු රාජ්‍ය ලේකම්වරියට
Local
18 July 2026
දකුණු නෝර්වේ ගින්නකින් නිවාස 100කට හානි
Local
18 July 2026
වෘත්තිය අධ්‍යාපනයට අයවැයෙන් ප්‍රතිපාදන - ජනපති
Local
18 July 2026
ඉන්දියාවෙන් ඓතිහාසික අභ්‍යවකාශ පෙරළියක්! පුද්ගලික අංශයේ ප්‍රථම රොකට්ටුව 'වික්‍රම්-1' අද කක්ෂගත කෙරේ
Local
18 July 2026
දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනයවන රට ලංකාව යැයි නි. ඇමති සරත් කියූ කතාව පට්ටපල් බොරු.. - Fact Crescendo අනාවරණය කරයි
Local
18 July 2026
නුවර ASP කෙනෙකුගේ නිවසින් කඩුවක් හා අත් බෝම්බ 3ක් මාට්ටු
Local
18 July 2026
අගෝස්තු 5 පාකිස්තානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
18 July 2026