International10 September 2015

පුංචි ලිඩියා අයින්ස්ටයින් පරදයි

ලොව මෙතෙක් බිහි වූ බුද්ධිමත්ම විද්‍යාඥයින් දෙදෙනෙකු වන ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙපලව වයස අවුරුදු 12ක පාසැල් දැරියක් විසින් පසු කොට තිබේ. ඒ බුද්ධි පරීක්ෂණයකට මුහුණ දී අයින්ස්ටයින් සහ ස්ටීවන් ලබාගත් ලකුණු 160ට වඩා ලකුණු 2ක් ලබා ගැනීමයි.

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේ උපන් ලිඩියා සෙබස්තියන් නම් වූ දොළොස් හැවිරිදි මෙම දැරිය MENSA ආයතනය මඟින් පවත්වන බුද්ධි පරීක්ෂණයකට මුහුණ දුන් පසුව මීට පෙර මෙම බුද්ධි පරීක්ෂණයට මුහුණ දුන් ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙදෙනාම ලබාගෙන ඇති ලකුණු 160 පසු කරමින් ලින්ඩා ලකුණු 162ක් ලබාගෙන එම පරීක්ෂණයෙන් ලොව පුද්ගලයෙකු ලබා ගත් වැඩිම ලකුණු අගය වාර්තා කර තිබේ.

ඒ අනුව ලොව බුද්ධිමත්ම පුද්ගලයා වයස අවුරුදු 12ක පුංචි ලිඩියා වනු ඇත.












Related recommendation
Hiru TV News | Programmes