ව්‍යාජ ලේඛන සකසා ළඟ තබාගෙන සිටි තවත් අලි පැටවුන් දෙදෙනෙකු පන්නිපිටියේ - ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි අලි රොෂාන්ට අයත් ඉඩමකින් ඊයේ (07) සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව මෙම අලි පැටවුන් දෙදෙනා වනජීවී භාරයට ගත් බවයි.
රහස් පොලීසිය ඊයේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ ව්‍යාජ ලේඛණ සකස් කර මෙම අලි පැටවුන් දෙදෙනා රඳවා ගෙන සිටින බවයි. ඒ අනුවයි රහස් පොලීසිය සහ වනජීවී නිලධාරීන් එක්ව අලි රොෂාන්ට අයත් ඉඩමේ සිටි මෙම අලි පැටවුන් දෙදෙනා සොයාගෙන ඇත්තේ.
මෙම අලි පැටවුන් දෙදෙනා අවුරුදු 5 ත් 7 අතර වයසේ පසුවන බවයි වාර්තාවන්නේ. එම අලි පැටවුන් දෙදෙනා දැනට දෙහිවල සත්වෝද්‍යානය භාරයේ පසුවනවා. ඉදිරියේදී පින්නවල අලි අනාථාගාරයට රැගෙන යාමට නියමිත බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ට අයත් යැයි සැළකෙන තවත් අලින් දෙදෙනෙකු පසුගිය මස පළමුවනදා බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටියදී කඩුවෙල නවගමුව පත්තිනි දේවාලය ආශ්රිත ප්‍රදේශයෙන් සොයාගත්තා. එහිදී වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක සඳහන් කළේ, අලි රොෂාන්ට අයත් යැයි සැළකෙන තවත් අලි තුන්දෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි.

Latest News
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026
2026 උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් අයැදුම්පත් කැඳවීම ජූනි 26 දක්වා දීර්ඝ කෙරේ
Local
22 June 2026
ප්‍රතිභා සම්පන්න භූමි සැලසුම් සංකල්පයෙන් හෙබි සුවිශේෂී කඩුවෙල නගර මධ්‍යයෙන් අභිනවයෙන් කරළියට පැමිණෙන නවතම නිවාස ව්‍යාපෘතිය, පෙර-විකිණුම් නිවාස වෙන්කරවා ගැනීමේ ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත් සමඟ සාර්ථකත්වයේ අරුණළු සනිටුහන් කරයි
Local
22 June 2026