General22 October 2015

ආචාර්ය දීපිකා උඩගම - මානව හිමිකම් කොමිසමේ නව සභාපති

මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය දිපීකා උඩගම පත්කර තිබෙනවා. එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස පත්කර ඇත්තේ ලයනල් ප්‍රනාන්දු, සාලිය පිරීස්, හමීඩ්  ගසාලි හුසේන් සහ අම්බිගා සත්කුණනාදන් යන අයයි.

මීට පෙර පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය සිරි හෙට්ටිගේ පත් කරනු ලැබුවා. ඇන්ටන් ජයනාතන්, එම්.පී.එච්. මනතුංග, සාවිත්‍රී විජේසේකර සහ වයි එල් එම් සුවහිර්, එහි සෙසු සාමාජිකයන්.

එමෙන්ම, අල්ලස් කොමිසමේ සහ රාජ්‍ය සේවා කොමිසමේ නව සාමාජිකයන්ද මීට පෙර පත් කළා. ඒ අනුව අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වන්නේ  හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරියයි. එමෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස  ඞී. දිසානායක පත්කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes