General15 January 2016

නව භික්ෂු විනය පනත් කෙටුම්පත සංස්කෘතියට හානියක්

සංඝරත්නයට බලපාන නීතිරීති පැනවීමට පෙර ඒ පිළිබඳ මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

වැල්ලවත්ත - මයුරපතිි හින්දු කෝවිලේ අද (15) පැවති තෛපොංගල් ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාපතිවරයා මේ බව කියාසිටියා.

මේ අතර, නව භික්ෂු විනය පනත් කෙටුම්පත නිසා භික්ෂු සමාජය තුළ කැළඹීමක් මතුව ඇති බව ජාතික භික්ෂු පෙරමුණ පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ විජිත හිමියන් කියා සිටියේ අදාළ පනත් කෙටුම්පත පරාජය කිරීමට මහානායක හිමිවරුවන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පෙළ ගැසිය යුතු බවයි.

Related recommendation
Hiru TV News | Programmes