General23 February 2016

කිරිදෙන මව දුෂණය කළ සිද්ධියේ සැකකාර සෙබලා යුද අධිකරණයකට

ගම්පොළ ප්‍රදේශයේ එක්දරු මවකට අතවර කළ සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබලාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව යුද හමුදා මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පනතට අනුව මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට ද යුද හමුදාපතිවරයා විසින් මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි.

අදාළ සෙබලා රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ දිනයේ සිට ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද යුද හමුදාපතිවරයා විසින් නියෝගයක් ලබාදී තිබෙනවා.

මෙම සෙබලා පරීක්ෂණවලින් වරදකරු වුවහොත් ඔහුට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

පසුගිය 12 වන දා ගම්පොළ - සිංහපිටිය ප්‍රදේශයේ එක්දරු මවක් පුද්ගලයින් දස දෙනෙකු විසින් අතවරයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා.

ගම්පොළ පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 18 වන දා පොලීසියට ද පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව අදාළ සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අතර මෙම යුද හමුදා සෙබලා ද සිටින බවයි ගම්පොළ පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
 එක්දරු මවකට අතවර කළ සිද්ධියේ සැකකාර සෙබලා යුද අධිකරණයකට

Related recommendation
Hiru TV News | Programmes