ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් වැටී ඇති මාර්ගය යළි විවෘත කිරීමට මල්වතු - අස්ගිරි උභය විහාර පාර්ශ්වය සිය විරෝධය පළ කරනවා.
අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන් පවසන්නේ එය ශ්‍රී දළදා සමිදුන්ට සිදු කරන අගෞරවයක් බවයි.
ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් වැටී ඇති මහනුවර - මහිංයගන ඒ - 26 මාර්ගයේ කිලෝමීටරයක පමණ කොටස පසුගිය යුදමය සමයේදී වසා දැමීමට පියවර ගෙන තිබුණා.
මේ නිසා එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් සහ විශාල වායු දූෂණයක් වන බවට පවසමින් වසා දැමුණු මාර්ග කොටස යළි විවෘත කරන්නැයි විවිධ පාර්ශ්ව වෙතින් මෑත කාලයේ ඉල්ලීම් ඉදිරිපත් වුණා.
ඒ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති විරෝධතාවක් අතරතුර දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණා.
කෙසේ වෙතත් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව අද මහනුවරදී විශේෂ හමුවක් සංවිධාන කර තිබුණේ එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් හදුන්වාදෙන ලෙස රජයට යෝජනා කිරීම සඳහායි.
ඊට මල්වතු පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිත සිරි අනු නාහිමියන් ප්රමුඛ එම පාර්ශ්වයේ කාරක සංඝ සභික ස්වාමින්වහන්සේ පිරිසක් ද එක්ව සිටි අතර මහනුවර සිවිල් සංවිධාන සහ සංගම් නියෝජිතයන් පිරිසක් ද ඊට එක්වුණා.
අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම මාර්ගය විවෘත කිරීමට විරුද්ධ බවයි.

Latest News
කොළඹ රජ කරන මීයෝ......
Local
28 August 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුවේ විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා
Local
28 August 2026
මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
Local
28 August 2026
ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්
Local
28 August 2026
නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි
Local
28 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026