International01 March 2016

ඕමානයේ රිය අනතුරකින් 18 ක් මරුට

මධ්‍යම  ඕමානයේ අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති අතර, පසුව පිටුපසින් පැමිණි මෝටර් රථයක්ද අනතුරට ලක්ව ඇති බවයි  විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ජීවිතක්ෂයට පත්වූවන් අතර,  ඕමාන, සෞදි, පාකිස්ථාන සහ යේමන ජාතිකයන් සිටින බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes