General14 April 2016

Update : ලග්ගල පොලිසියේ සොරකමට අදාල පරීක්ෂණ කටයුතු CIDයට භාරදෙයි

මාතලේ - ලග්ගල පොලිස් ස්ථානයේ තිබූ ගිනි අවි සොරා ගෙන යාම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ගිනි අවි රැගෙන පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

අද අලූයම් කාලයේ කිසියම් පුද්ගලයෙකු පැමිණ ලග්ගල පොලිස් ස්ථානයේ තිබූ ටී. 56 ගිනි අවියක් සහ රිවෝලර් 5 ක් සොරාගෙන ගොස් තිබුණා.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ රාත්‍රී කාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියාට නින්ද යාමත් සමග මෙම පුද්ගලයා පොලිස් ස්ථානයට ඇතුළු වී ඇති බවයි.

Thursday, April 14, 2016 09.06
------------------------------------

මාතලේ - ලග්ගල පොලිස් ස්ථානයට අද අලූයම් කාලයේ කිසියම් පුද්ගලයෙකු පැමිණ එහි තිබූ ගිනි අවි පැහැර ගෙන ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ටී - 56 ගිනි අවියක් සහ රිවෝල්වර 5 ක් මෙලෙස පැහැර ගෙන ගොස් ඇති බවයි.

ගිනි අවි ගබඩා කර තිබූ පෙට්ටිය විවෘත කොට එහි තිබූ අවි මෙලෙස පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 

Related recommendation
Hiru TV News | Programmes