General25 April 2016

විපක්ෂ නායකට එරෙහිව පොලිසියෙන් පරීක්ෂණයක්

විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් කිලිනොච්චි - පරවිපංජාන් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරු භූමියකට බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් වන එස් ශ්‍රීධරන් සහ එම් ඒ සුමන්දිරන් ඇතුළු පිරිසක් ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ පක්ෂ කාර්යාලයේ පසුගිය 16 වනදා රැස්වීමක් පවත්වා ඉන් අනතුරුව පරවිපංජාන් ප්‍රදේශයේ පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් හමුදා කඳවුරු භූමියට ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මෙම කදවුරේ අණදෙණ නිලධාරිවරයා ඇතුළු පිරිසක් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

ගජබා රෙජිමේන්තුවට අයත් කදවුරු භූමිය එල් ටී ටී ඊ සමයේ ඔවුන්ගේ බැංකු මූලස්ථානය ඇතුලූ වැදගත් ස්ථාන පවත්වාගෙන ගොස් තිබෙනවා.

මේ අතර විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කදවුරු ප්‍රදේශයකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

ඒකාබද්ධ විපක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඊට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගන්නැයි පොලිසිය බලකර සිටින බවයි.

 
Related recommendation
Hiru TV News | Programmes