General27 April 2016

ඇමති චම්පිකගේ දුරකථනය අනතුර සිදුවූ රාජගිරිය අවට සැරිසැරූ බව හෙළිවේ

රාජගිරියේදී සන්දීප් සම්පත් අනතුරට පත් කිරිමේ සිද්ධියට අදාළ නඩුව අද කොළඹ රථවාහන අධිකරණයේදී විභාගයට ගැනුණා.

එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මීට අදාළ චෝදනා එල්ල වූ අමාත්‍ය පාඨලී චම්පික රණවකට අයත් දුරකථනය අනතුර සිදුවූ ප්‍රදේශයේ සැරිසැරූ බවට තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, එය ජීප් රථයේ රියදුරු විසින් භාවිත කර ඇති බවට විත්තියේ නීතිඥවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් අමාත්‍යවරයෙකු නමට ලබා ගත් පෞද්ගලික දුරකථනයක් එලෙස භාවිත කිරීම ගැටළුසහගත බව පැමිණිල්ලේ නීතිඥවරුන් ප්‍රකාශ කළා.

එසේම ජීප්රථයේ අංකය අමාත්‍ය චම්පික රණවකගේ ජීප් රථයේ අංකය දැයි පරික්ෂා කිරිම සදහා එහි සීසි ටීවී දර්ශන මොරටුව විශ්ව විද්‍යාලය වෙත යොමු කරන ලෙස ද කොළඹ රථවාහන අධිකරණය අද නියෝග කළා.

Related recommendation
Hiru TV News | Programmes