General10 June 2016

මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීම අගමැති නියෝගයෙන් නවතී

කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් සම්පූර්ණ හානියට පත් නිවාස ඉදිකිරීමට මුදල් ලබාදීම සහ අර්ධ හානි සිදුවූ නිවාස සදහා වන්දි ලබාදීමට මුදල් වෙන් කෙරෙන තුරු අමාත්‍යවරුන්ට ගෙන්වීමට නියමිත වාහන සදහා මුදල් වෙන් නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මහා භාණ්ඩාගාරය වෙත ඊයේ මෙම නියෝගය  නිකුත් කර ඇති බව සදහන්.

ඒ අනුව සාලාව පිපිරීමෙන් සම්පූර්ණ හානියට පත් නිවාස මෙන්ම අර්ධ හානි සිදුවූ නිවාස වෙත වන්දි ලබාදීමට වෙන් කෙරෙන මුදල් ඇස්තමේන්තු කර එම මුදල් වෙන් කරන තෙක් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අමාත්‍යවරුන්ට වාහන ගෙන්වීමට වෙන් කර තිබූ මුදල්  නිදහස් නොකරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

යහපාලන ආණ්ඩුවේ ජනතාවට පළමුව සහන සැලසීම යන පදනම මත අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගත් බව රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes