International03 August 2016

WhatsApp භාවිත කරන අයට අනතුරු ඇගවීමක්

ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතර ජනප්‍රිය WhatsAppහි සිදුවන සංවාද පිළිබඳ නිරීක්ෂකයන් පිරිසක් නව තොරතුරක් හෙළිකර තිබෙනවා.

ඒ WhatsAppහි ඇති පණිවුඩ ඉන් මකා දැමුව ද එය ස්ථිරවම මැකී නොයන බවයි.

 ආරක්ෂක නිරීක්ෂකයන් පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් සිදු කිරීමෙන් අනතුරුවයි මෙම තොරතුරු හෙළිකර ඇත්තේ.

WhatsApp තුල සිදුවන සංවාද මකා දැමුව ද එය දුරකථනයෙන් සදාකාලිකවම ඉවත් නොවන බව ඔවුන් පෙන්වාදී තිබෙනවා.

එම පණිවුඩ යළිත් එය මුල් ආකාරයටම අදාළ දුරකථනයේ WhatsApp වෙත යොමුකල හැකි බවටයි මෙම විමර්ශකයන් සඳහන් කලේ.

මේ අනුව WhatsApp භාවිත කරන්නන් සිය පණිවුඩ මකා දමා ඉතිහාසය අමතක කිරීමට උත්සාහ කරන්නේ නම් එය තවදුරටත් සැබෑවක් නොවනු ඇති.

නීතිමය අවශ්‍යතා හෝ වෙනත් එවැනි කරුණක් මත අදාළ පණිවුඩ යළි ලබාගැනීමේ හැකියාව ඇති බව ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂකයන් හෙළිකර තිබෙනවා.

කෙසේවෙතත් WhatsApp සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට දැඩිව කැපවී සිටින බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes