පැහැරගෙන යනු ලැබූ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයා නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලන අවස්ථාව වනවිටත් ඔහු ඝාතනය කර තිබූ බවට පොලීසිය සැක පළ කරනවා.
පරීක්ෂණ සිදුකරන මාවනැල්ල පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මළ සිරුර ඊයේ රාත්‍රියේ සොයාගන්නා විටත් බෙහෙවින් නරක්වී තිබූ බවයි.
ඒ අනුවයි කප්පම් ඉල්ලන අවස්ථාව වනවිටත් මොහු ඝාතනය කර තිබූ බවට පොලීසියට සැක මතුව ඇත්තේ.
කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ බම්බලපිටියේ කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන්ගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණා.
ඒ, මාවනැල්ල මහේස්ත්‍රාත් මහින්ද ලියනගම විසින්.
මේ අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න විසින් සිදුකළ බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා කෑගල්ල පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ වනවිටත් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මළ සිරුර හමුවූ ස්ථානයේ ස්ථානගත පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පිළිබඳ පුහුණුව ලත් නිල සුනඛයන්ද යොදාගනිමින්.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ පවුලේ ඥාතීන් ඇතුලූ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් පැහැර ගැනීමට ලක්වූයේ පසුගිය 21 වනදා රාත්‍රියේයි.
ඔහු මංගල සාදයකට සහභාගිවී සිය මෝටර් රථයෙන් නිවස අසලට පැමිණ බිරිද නිවසේ ගේට්ටුව විවෘත කරන තෙක් රැදී සිටි අවස්ථාවේදී තවත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් මෙම පැහැර ගැනීම සිදු කර තිබුණා.
පසුව කෑගල්ල ප්‍රදේශයෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් ව්‍යාපාරිකයාගේ පියාට පවසා තිබුණේ පුත්‍රයා නිදහස් කිරීමට නම් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබාදෙන ලෙසටයි.
කෙසේ වෙතත් මාවනැල්ල - හෙම්මාතගම - රුකුලගම ප්‍රදේශයේ ප්‍රපාතයක නාඳුනන මළ සිරුරක් ඇති බවට පොලීසියට තොරතුරක් ලැබුණා.
ඒ අනුවයි සිදුකළ සොයාබැලීමේදී පැහැරගත් ව්‍යාපාරිකයාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් පොලීසියට හමුවුණේ.
මේ පිළිබඳව කළ දැනුම්දීමකට අනුව ඊයේ රාත්‍රියේ මළ සිරුර සොයාගත් ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයාගේ මාමා විසින් දේහය හඳුනාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඉන් අනතුරුව අද පෙරවරුවේද ඔහු විසින් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ යළි දේහය හඳුනාගනු ලැබුවා.

ඡායාරූප - සමන් විජය බණ්ඩාර

Latest News
නේපාල ගංවතුරෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල
Local
29 August 2026
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
Local
29 August 2026
26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජය
Local
29 August 2026
ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්
Local
29 August 2026
මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වන බවට කාලගුණයෙන් දැනුම්දීමක්
Local
29 August 2026
නේපාල ගං වතුරට හසුවූ විදේශිකයින් 184 දෙනෙකු මුදා ගැනේ
Local
29 August 2026
රුමේෂ්ගේ ප්‍රතිවාදියා වන නීරාජ් චොප්රාට ආබාධයක්
Local
29 August 2026
සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවත් වෙලා : සෙවනගල සීනි කම්හල දිනයක් නියමයක් නොමැතිව වැසේ
Local
29 August 2026
ජීවිකාව ගෙවන්න නෙළුම් මල් කඩන්න ගිය දෙදරු පියාට බෙල්ලන්විලදී අවාසනාවන්ත ඉරණමක්
Local
29 August 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සමට නීතිඥ සංගමයෙන් නව මෝසමක්
Local
29 August 2026