පැහැරගෙන යනු ලැබූ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයා නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලන අවස්ථාව වනවිටත් ඔහු ඝාතනය කර තිබූ බවට පොලීසිය සැක පළ කරනවා.
පරීක්ෂණ සිදුකරන මාවනැල්ල පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මළ සිරුර ඊයේ රාත්‍රියේ සොයාගන්නා විටත් බෙහෙවින් නරක්වී තිබූ බවයි.
ඒ අනුවයි කප්පම් ඉල්ලන අවස්ථාව වනවිටත් මොහු ඝාතනය කර තිබූ බවට පොලීසියට සැක මතුව ඇත්තේ.
කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ බම්බලපිටියේ කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන්ගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණා.
ඒ, මාවනැල්ල මහේස්ත්‍රාත් මහින්ද ලියනගම විසින්.
මේ අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න විසින් සිදුකළ බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා කෑගල්ල පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ වනවිටත් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මළ සිරුර හමුවූ ස්ථානයේ ස්ථානගත පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පිළිබඳ පුහුණුව ලත් නිල සුනඛයන්ද යොදාගනිමින්.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ පවුලේ ඥාතීන් ඇතුලූ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් පැහැර ගැනීමට ලක්වූයේ පසුගිය 21 වනදා රාත්‍රියේයි.
ඔහු මංගල සාදයකට සහභාගිවී සිය මෝටර් රථයෙන් නිවස අසලට පැමිණ බිරිද නිවසේ ගේට්ටුව විවෘත කරන තෙක් රැදී සිටි අවස්ථාවේදී තවත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් මෙම පැහැර ගැනීම සිදු කර තිබුණා.
පසුව කෑගල්ල ප්‍රදේශයෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් ව්‍යාපාරිකයාගේ පියාට පවසා තිබුණේ පුත්‍රයා නිදහස් කිරීමට නම් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබාදෙන ලෙසටයි.
කෙසේ වෙතත් මාවනැල්ල - හෙම්මාතගම - රුකුලගම ප්‍රදේශයේ ප්‍රපාතයක නාඳුනන මළ සිරුරක් ඇති බවට පොලීසියට තොරතුරක් ලැබුණා.
ඒ අනුවයි සිදුකළ සොයාබැලීමේදී පැහැරගත් ව්‍යාපාරිකයාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් පොලීසියට හමුවුණේ.
මේ පිළිබඳව කළ දැනුම්දීමකට අනුව ඊයේ රාත්‍රියේ මළ සිරුර සොයාගත් ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයාගේ මාමා විසින් දේහය හඳුනාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඉන් අනතුරුව අද පෙරවරුවේද ඔහු විසින් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ යළි දේහය හඳුනාගනු ලැබුවා.

ඡායාරූප - සමන් විජය බණ්ඩාර

Latest News
වාහන මිලියන 2ක් ආපසු කැඳවයි
Local
29 October 2025
පොලිස්පතිගෙන් SDIG කෙනෙකුට එරෙහිව පැමිණිල්ලක්
Local
29 October 2025
යටියන්තොට ලැවන්ට් වත්තේ පවුල් 21ක් අනතුරේ
Local
29 October 2025
රුපියල් 10,000ක් අල්ලස් ගත් අධිකරණ කා.කා.ස. දැලේ
Local
29 October 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබේ
Local
29 October 2025
පුටුවේ නායකයින් මහ රෑ හිටපු ඇමතිගේ නිවසේ
Local
29 October 2025
ජපාන අකෙබොනෝ නෞකාව දිවයිනට
Local
29 October 2025
රමේෂ් නිශාන් මිනෝද් සධීර දස්කම් අතරට : Hayleys කණ්ඩායම අවසන් මහා තරගයට
Local
29 October 2025
E වීසා විගණන මතභේදය ගැන VFS ගෝලීය සමාගමෙන් පැහැදිලි කිරීමක්
Local
29 October 2025
2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රකෘතියක් අපේක්ෂා කරනවා - IMF
Local
29 October 2025