General29 November 2016

පාකිස්තාන ශීත ඍතුවේ - ශ්‍රී ලංකාවේ ‘කාවන් ’අනතුරේ

හිමාල කඳු පියස පාමුල පිහිටි පාකිස්තානයේ මර්ඝසාර් සත්වෝද්‍යානයේ සිටින ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කාවන් හස්තියා හිම මිදෙන ශීත ඍතුවේ දැඩි අවදානමකට ලක්විය හැකි බවට පාකිස්තාන ඩෝන් පුවත්පත හෙළිදරව් කළා.

මෙම හස්තියාට ශීත ඍතුව ගත කිරීම සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම කාවන් හස්තියාගේ භාරකරු මෙතෙක් එම හස්තියා නිසි ලෙස පාලනය කිරීමට අසමත් බව ද පාකිස්තාන පුවත්පත සඳහන් කළා.

කාවන් සමඟ සිටි තවත් ශ්‍රී ලාංකික ඇතින්නක වන සහේලි පාකිස්තාන මර්ඝසාර් සත්වෝද්‍යානයේදී 2012 වසරේ මිය ගිය අතර, එය පාකිස්තානය තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වූ සිදුවීමක් බවට පත්වුණා.

මේ නිසා කාවන් හස්තියා පහසුකම් සහිත සත්වෝද්‍යානයකට රැගෙන යන ලෙසත්, සුදුසුකම් ලත් භාරකරුවෙකු පත් කරන ලෙසත්, පාකිස්තාන සත්වෝද්‍යාන බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවයි ඩෝන් පුවත්පත කියා සිටියේ.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.කේ. පතිරත්නගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මෙම අලියා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පිරිනමා ඇති බැවින් ඒ පිළිබදව ඔවුන් සමඟ සාකච්ඡා කර පිළිතුරක් ලබාදෙන බවයි.
Related Recommends
Hiru TV News | Programmes