හිමාල කඳු පියස පාමුල පිහිටි පාකිස්තානයේ මර්ඝසාර් සත්වෝද්‍යානයේ සිටින ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කාවන් හස්තියා හිම මිදෙන ශීත ඍතුවේ දැඩි අවදානමකට ලක්විය හැකි බවට පාකිස්තාන ඩෝන් පුවත්පත හෙළිදරව් කළා.
මෙම හස්තියාට ශීත ඍතුව ගත කිරීම සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම කාවන් හස්තියාගේ භාරකරු මෙතෙක් එම හස්තියා නිසි ලෙස පාලනය කිරීමට අසමත් බව ද පාකිස්තාන පුවත්පත සඳහන් කළා.
කාවන් සමඟ සිටි තවත් ශ්‍රී ලාංකික ඇතින්නක වන සහේලි පාකිස්තාන මර්ඝසාර් සත්වෝද්‍යානයේදී 2012 වසරේ මිය ගිය අතර, එය පාකිස්තානය තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වූ සිදුවීමක් බවට පත්වුණා.
මේ නිසා කාවන් හස්තියා පහසුකම් සහිත සත්වෝද්‍යානයකට රැගෙන යන ලෙසත්, සුදුසුකම් ලත් භාරකරුවෙකු පත් කරන ලෙසත්, පාකිස්තාන සත්වෝද්‍යාන බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවයි ඩෝන් පුවත්පත කියා සිටියේ.
හිරු ප්රවෘත්ති අංශය මේ පිළිබදව වනජීවි අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.කේ. පතිරත්නගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ මෙම අලියා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පිරිනමා ඇති බැවින් ඒ පිළිබදව ඔවුන් සමඟ සාකච්ඡා කර පිළිතුරක් ලබාදෙන බවයි.

Latest News
පොලිස් වෙසින් ගේකට පැන්න කොල්ල කල්ලියක් අල්ලයි
Local
21 October 2025

යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්‍රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්‍රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025