General06 December 2016

බීමතින් මුහුදු යාමත් තහනම් වන ලකුණු

බීමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැළැක්වීමට අවශ්‍ය නව නීති ඉදිරියේදී හඳුන්වා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මුහුදේ සිදුවන අනතුරු අවම කර ගැනීම මෙන්ම ධීවරයින්ගේ ජීවිත ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි.

බීමත්ව වාහන ධාවනයෙන් අනතුරු සිදුවන්නා සේම බීමත්ව ධීවර බෝට්ටු පැදවීමේදීත් අනතුරු බහුලව සිදුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes