General05 January 2017

ජනපති සමග සාකච්ඡාවෙන් පසු ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ වර්ජනය අවසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව, ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ලොතරැයි පතක මිල රුපියල් 30 දක්වා ඉහළ නැංවීම සහ අලෙවි නියෝජිතයින්ට ලබාදෙන කොමිස් මුදල් වැඩි නොකිරීමට එරෙහිව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින් දින 5 ක් පුරා වර්ජනය ක්‍රියාත්මක වුණා.

එම සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජනාධිපති නිල නිවසේ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

තම ඉල්ලීම්වලට විසදුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවක් මත සිය වර්ජනය අවසන් කළ බවයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹගේ කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes