General08 February 2017

මහනුවරදී ලංගම රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට ප්‍රහාරයක්

මහනුවර - ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පලේදී පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් ශ්‍රී ලංගම රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද උදෑසන මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ. මස්කෙළිය සාමිමලේ දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංගම බස් රථයක සේවකයින් දෙදෙනෙක්.

ශ්‍රී ලංගම බස් රථය නියමිත වේලාවට ධාවනය කිරීමට සූදානම් වන අවස්ථාවේදී ප්‍රමාදවී පැමිණි පෞද්ගලික බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා මොවුන්ට පහරදී ඇති බව සඳහන්.

ශ්‍රී ලංගම සේවකයින්ට පහරදුන් පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනා කඩිනමින් අත්අඩංගුවට නොගතහොත් වර්ජනයක් ආරම්භ කරන බව හැටන් ඩිපෝවේ බස් රථ සේවකයින් ප්‍රකාශ කළා. 
Related recommendation
Hiru TV News | Programmes