General07 March 2017

සුකර උණ කියා රෝගයක් නැහැ - කිලිනොච්චියේ ගැබිණි මව්වරුන්ට වැළදී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන්

ගත වූ සති තුනක කාලය තුල කිලිනොච්චි ප්‍රදේශයෙන් ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන් වෛරසය වැළදුණු බවට සැකකෙරෙන පුද්ගලයින් 244 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

හදුනාගත් මෙම පුද්ගලයින්ගෙන් 25 දෙනෙකු ගැබිණි මව්වරුන් බවයි වාර්තා වන්නේ.

වෛරසය වැළදුණු බවට සැකකෙරෙන පුද්ගලයින් 244 දෙනාගෙන් 37 දෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන් වෛරසය වැළදී අති බවට කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් තහවුරු කර ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වසංගත රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ සදහන් කළේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ඛණ්ඩයේ අණු කාණ්ඩයක් වන එච්.වන්.එන්.වන් වෛරසය මේ දිනවල කිලිනොච්චි ආශ්‍රිත ප්‍රදේශ වල පවතින බවයි.

ඔහු වැඩි දුරටත් සදහන් කළේ ගර්භණි කාන්තාවන්ට කැස්ස, සෙම්ප්‍රතික්ෂාව වැනි රෝගී තත්වයන් ඇති වුවහොත් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂාකර ගන්නා ලෙසයි.

සමාජය තුල මේ වන විට ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන් වෛරසයට සුකර උණ ලෙස වචනයක් වැරදි ලෙස භාවිත කරන බවත්, එවැනි රෝගී තත්වයක් නොමැති බවත් ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන් වෛරසය බවත් වෛද්‍ය සමිත ගිණිගේ වැඩිදුරටත් සදහන් කළා.




Related recommendation
Hiru TV News | Programmes