General05 December 2017

පක්ෂ සදාකාලික නෑ; ඉදිරියේදී තීරණයක් ගන්නවා - ජානිපෙ වීරකුමාර කියයි

ජානිපෙ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අනුරාධපුරයේ දී අද(05) මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

එහිදී ඔහු විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ විවේචනය කළ අතර වත්මන් දේශපාලනය ගැන අදහස් පළ කළා.

මාධ්‍ය හමුවෙන් පසු හිරු වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂ සදාකාලික නොවන බව හා  ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි.

සමහරු තමන් ඩොලර් ගත් බව හා රෝ ඔත්තුකරුවෙකු බව ට චෝදනා කරන බව කි ඔහු ඒවා ඔප්පු කරන ලෙස අභියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්විය යුතු බව තරයේ සඳහන් කරන මන්ත්‍රීවරයා එසේ නොමැති නම් රටට ඉදිරියක් නොමැති බවද කියා සිටියා

Related recommendation
Hiru TV News | Programmes